තක්කලි පෙත්තෙන් හදවත් රෝග වැලකෙන හැටි

තක්කලි කියන්නේ පුංචි පළතුරක් උනාට එහි තියන විටමින් සහ ඛනිජ ලවණ ප්‍රමාණය සුළුපටු නෑ. එහි අඩංගු පොටෑසියම් මගින් හෘද රෝග සහ අඝාත තත්වයන්ට පත්වීමට ඇති ඉඩකඩ අවම කරනවා. එහි ඇති විටමින් කේ මගින් රුධිරය කැටිගැසීමට උදව් කරනවා වගේම තුවාල සුවවිමටත් උදව් වෙනවා. තක්කාලිවල අඩංගු කැරොටිනොයිඩ් මගින් අපේ සිරුරේ පැහැපත් බව පවත්වාගෙන යාමට උපකාරී වෙනවා. එමගින් අපේ සම පාරජම්බූල කිරණවලින් ආරක්ෂා කරනවා වගේම සමේ පිළිකා ඇතිවීමත් වලක්වනවා. අපේ අක්ෂි සෞඛ්‍ය පවත්වාගෙන යාමටත් තක්කාලි වල අඩංගු රසායනික උපකාරී වෙනවා.

තක්කාලි යුෂ පානය කිරීමෙන් සිරුරේ එල් ඩී එල් කොලෙස්ටරෝල් හෙවත් අහිතකර කොලෙස්ටරෝල් අවම වන බව විද්‍යාඥයන් පවසනවා. තක්කාලි ආහාරයට ගැනිම රුධිර පීඩනය අඩු කිරීමට හේතුවක් බවත් එමගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු වන බවත් විද්‍යාඥයින් පෙන්වා දෙනවා. මෙම ගුණ සියල්ලම අඩංගු වන ලෙස තක්කාලි වලින් බෙහෙත් පෙත්තක් නිපදවීමට විද්‍යාඥයින් සැලසුම් කර තිබෙනවා. මෙම පෙත්ත දිනපතා ගැනීම හෘදයාබාධවලින් වැලකීමට උපකාරීවන බව එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. හෘද රෝග සදහා ගන්නා ඖෂධ වෙනුවට මෙම පෙත්ත භාවිත කල නොහැකි බවත් මෙය හෘද රෝග අවම කිරීමට උපකාරී වන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

..

About The Author

You might be interested in

LEAVE YOUR COMMENT

Your email address will not be published. Required fields are marked *

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019
logo