ඒරියා 51 තුල පිටසක්වල යානයක දර්ශන YouTube එකට

පිටසක්වල යානයක දර්ශන යූ ටියුබ් නාලිකාවකින් දැකගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ Adventures with Christian ලෙස නම් කරන ලද යූ ටියුබ් නාලිකාවක් මගින්. ඇමරිකාවේ ඒ රියා 51  කලාපයේ දර්ශන පටිගත කරන අවස්ථාවක මෙය දැකගැනිමට ලැබි ඇති බවයි වාර්තා වන්නේ. ඇමරිකාවේ නෙවාඩි ප්‍රාන්තයේ ඇති ටිකාබූ නම් පර්වතය මුදුනේ සිට මෙම දර්ශන පටිගත කිරිමට ඔවුන් කටයුතු කර තිබෙනවා. මෙහි ගුවන් යානා අත්හචා බැලිමේ මධ්‍යස්ථානයක් ඇති බවයි ඇමරිකාව සදහන් කර ඇත්තේ. මෙහි ඇති අඩි 210ක් පළල අඩි 250ක් දිගැති ගුවන් යාත්‍රාංගණයක්ද දර්ශනවලට හසුවී තිබෙනවා. විනාඩි 22 ක මෙම වීඩියෝව තුල 11 වන මිනිත්තුවේදී දක්නට ලැබෙන්නේ ඉහල අහසේ රදවා තිබෙන පීරිසියක් වැනි වස්තුවක්. මීට අමතරව එහා මෙහො යන ට්‍රක් රථ සහ හෙළිකොප්ටරද වීඩියෝවේ අන්තර්ගතයි. නෙවාඩාහි ඇති රහසිගත කදවුර හිතලුවක් බවයි මුලින් ඇමරිකා රජය ප්‍රකාශ කලේ. එහි එවන් කදවුරක් ඇති බව ඔවුන් නිල වශයෙන් පිළිගත්තේ 2013 වසරේදී. මෙහි පිටසක්වල ජීවීන් සම්බන්ධ පර්යේෂණ සිදු කෙරෙන බවටද විශ්වාසයක් පවතිනවා. මෙම වීඩියෝව පහතින්.

About The Author

You might be interested in

LEAVE YOUR COMMENT

Your email address will not be published. Required fields are marked *

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019
logo