ලෝක කුසලානයේ අලවපු බේල්ස්

මෙවර ලෝක කුසලානයට යොදාගෙන තියන බේල්ස් විකට්වලට අලවලද කියලා හිතෙනවා. එහෙම හිතෙන්නේ තරග 13කදී පන්දුව කඩුල්ලේ වැදිලත් බේල්ස් නොවැටුණු අවස්ථා 5ක් සටහන් වීම නිසා. මේ ගැන ලොව සුපිරි ක්‍රීඩකයන් රැසක් අදහස් පල කරලා තිබුණා. බොහෝ දෙනෙක් ඔවුන්ගේ විමතිය පළ කරලා තිබුණා මෙලෙස බේල්ස් නොවැටිම ගැන. ඒ අතරින් කෝලි සදහන් කර තිබුණේ “ පන්දු යවන්නේ දග පන්දු යවන්නන් හෝ මද වේග පන්දු යවන්නන් උනානම් කමක් නෑ. මේ වේග පන්දු යවන්නන්ගේ පන්දු වැදිලත් බේල්ස් වැටෙන්නෙ නැති එක. කිසිම කණ්ඩායමක් මේකට කැමති වෙන එකක් නෑ. හොදම පන්දුවක් යවලත් පිතිකරුවා දවාගන්න බැරි එක කණගාටුවක්”

හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් කියා තිබුණේ “ පැයට කිලෝ මීටර 130කින් එන පන්දුවක් වැදිලත් බේල්ස් නොවැටෙන එක හරිම විහිළු සහගතයි.

ක්‍රිකට් නීති පොතේ 29.1.2 වගන්තිය අනුව බේල්ස් සම්පූර්ණයෙන් කඩුල්ලෙන් ඉවත් වූයේනම් පමණයි ක්‍රීඩකයෙක් දැවී යා හැක්කේ.

සින්ග් බේල්ස් නමින් හැදින්වෙන මෙම බේල්ස් කඩුල්ලෙන් ඉවත් වන විට එල් ඊ ඩී බල්බ දැල්වෙන ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. 2012 වසරේදී හදුන්වා දුන් මෙම සින්ග් බේල්ස් ඉන් පසු තරගාවලි රැසක භාවිත කලා. යොදා ඇති එල් ඊ ඩී බල්බ නිසා බර වැඩි වීමෙන් මේවා ඉවත්කිරීම අපහසු වී ඇති බවට ඇතැමුන් මත පල කරනවා. මේවා සාමාන්‍ය බේල්ස් වලට වඩා බරින් වැඩි වුවත් අධික සුලං සහිත ක්‍රීඩාංගණවල භාවිත කරවන බේල්ස් වලට වඩා බරින් අඩු බවයි නිෂ්පාදකයන් පවසන්නේ.

“මේකෙ බරපතලකම තේරොන්නේ සෙමි ෆයිනල් එකේදි හරි ෆයිනල් එකේදි හරි මේවගේ දෙයක් උනොත් තමයි” ඔස්ට්‍රේලියා නායක ඒරොන් ෆින්ච් මේ ගැන අදහස් පළ කලේ ඒ ආකාරයෙන්.f

මෙතෙක් බේල්ස් නොවැටුනු අවස්ථා පහ මේ ආකාරයෙන් සටහන් කරන්න පුළුවන්.

Bailgate – the five incidents

  • England v South Africa, The Oval: In the opening match of the tournament England leg-spinner Adil Rashid flicks the off stump of South Africa’s Quinton de Kock with a delivery which goes to the boundary for four.
  • New Zealand v Sri Lanka, Cardiff: Dimuth Karunaratne chops New Zealand pace bowler Trent Boult on to his stumps, hard enough to shake the bails but not dislodge them.
  • Australia v West Indies, Trent Bridge. Chris Gayle is given out caught behind off a 91mph delivery by Australia pace bowler Mitchell Starc, but the decision is overturned when TV replays show the ball hit his off stump rather than bat.
  • England v Bangladesh, Cardiff. Bangladesh’s Mohammad Saifuddin miscues a pull off Ben Stokes on to his off stump. The bail lifts out of the groove briefly but doesn’t fall.
  • Australia v India, The Oval. Warner drags India’s quickest bowler Bumrah on to leg stump via his boot. Again, the bail is not for budging.

About The Author

You might be interested in

LEAVE YOUR COMMENT

Your email address will not be published. Required fields are marked *

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019
logo