ප්‍රතිවාදියා හූවෙන් ගලවාගත් කෝලි

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය විදහා දැක්වෙන සිදුවීමක් පසුගිය ඉන්දු ඔස්ට්‍රේලියා තරගයෙදි දැකගන්න ලැබුණා. ඉන්දියාව පන්දුවට පහර දෙමින් සිටියදී ඔස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හතරේ සිමාව අසල පන්දු රකින්නට ගියා. ඉන්දිය ප්‍රේක්ෂකයන්ගෙන් ස්මිත්ට ලැබුණෙ ලොකු හූවක්. පන්දු වාරය අවසානයෙදි  ඉන්දිය ප්‍රේක්ෂකයන් දෙසට ඇවිද ගිය කෝලි ඔවුන්ට සංඥා කලේ ස්මිත්ට හූ නොකියන ලෙසත් ඒ වෙනුවට අත්පොලසන් දෙන ලෙසත් හගවමින්.

මේ සිදුවීමෙන් පසු ස්මිත් සහ කෝලි එකිනෙකා සුහදව වැලදගන්නා ආකාරය දැකගන්න ලැබුණා. තරගයෙන් පසු කෝලි සදහන් කලේ “ඔහු අතීතයේ වැරදි කර තිබෙන්නට පුළුවන්, අපි අතරේ පිටියේදී ගැටුම් තිබුනා වෙන්නටත් පුළුවන්. නමුත් ඒ සියල්ල අයිති අතීතයට.  මේ වගේ අයහපත් ප්‍රතිචාර හමුවේ ඔහුගේ මනස තරගයෙන් ඉවතට යන්න පුළුවන්. ඒ තත්වය නැති කල යුතුයි” යනුවෙන්. එමෙන්ම ඉන්දීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ස්මිත් ගෙන් සමාව ඉල්ලා සිටීමටද කෝලි අමතක කලේ නැහැ.

කෙසේ වෙතත් මෙම තරගය ඉන්දියාව ලකුණු 36කින් ජයගැනීමට සමත් වුනා. මෙහි වීඩියෝව පහලින්

 

About The Author

You might be interested in

LEAVE YOUR COMMENT

Your email address will not be published. Required fields are marked *